ගල් අඟුරුවලින් ගිල්ල හැටි හෙළි වෙයි

රාජපක්ෂ පාලන සමයේ  නොරොච්චෝලේ ඉදිකළ විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී පසුගිය 2014-2015 වසරවලදී පමණක් රුපියල් මිලියන 36,947.57ක මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකර ඇති බව  ඒ පිළිබඳ සිදු කළ විගණන වාර්තාවලදී හෙළිව තිබේ.

මේ බව අනාවරණය කර ගැනීමට හැකි වූයේ ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීම පිටුපස සිදු කර ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විගණන පරීක්ෂණයකදීය. රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විගණන පරීක්ෂණවලදී ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසූ එක්දහස් දහසයක (181,016) තොගයක් ගිණුම් වාර්තාවලට ඇතුළත් කර නොමැති බවද සොයා ගැනීමට හැකිව තිබේ.

මෙම ගල් අඟුරු බලාගාරය ඉදිකරනු ලැබුවේ රාජපක්ෂ පාලන සමයේදී චීනයෙන් ලබා ගත් දැවැන්ත ණය මුදලකින් වන අතර බලාගාරය ඉදිකිරීමේදී පටන් දැවැන්ත වංචා දූෂණ සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. රාජපක්ෂ පාලන සමයෙන් නොනැවතී වත්මන් යහපාලන හවුල් ආණ්ඩුව යටතේද මේ දක්වා ගල් අඟුරු බලාගාරයේ සිදුකෙරෙමින් පවතින  දැවැන්ත වංචා දූෂණ පිළිබඳ වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්