ශ්‍රී ලංකාවට එරෙහි පෙත්සම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා රජයට පෙත්සමක් බාරදීම සඳහා ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ කළ ඉල්ලීමක් චෙන්නායි හි සිටින ඇමෙරිකා කොන්සල් ජනරාල් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බව සඳහන් කරමින් අදාළ සංදේශය චෙන්නායි හි සිටින ඇමෙරිකා කොන්සල් ජනරාල්වරයා හමුවී බාර දීමට වයිකෝ උත්සාහ කර ඇති අතර ඇමෙරිකා කොනසල් ජනරාල්වරයා තමා හමුවීම මඟ හැරිය බව වයිකෝ ඉන්දීය මාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට ඇතැයි හින්දු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්