මහින්ද පිල නියෝජනය කරන හිටපු නිවාස අමාත්යවිමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංස කූඨ ලේඛන සැකසීම සම්බන්දයෙන් ඇයට එරෙහිව පසුගිය කාලයේ අධිකරණ ක්රියාමාර්ග ගෙන තිබූ අතර ඇය රිමාන්ඩ් භාරයට පත්වීම වැලැක්වීම සඳහා ව්යාජ වෛද්ය සහතිකයක් ලබාදුන් වෛද්ය ආනන්ද සමරසේකරට විරුද්ධව මේ වනවිට රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
ශෂී වීරවංස අත්අඩංගුවට ගැනීමෙන් වැලැකීම සඳහා රෝහල් ගතවී ඇත්තේ කලක් කොළඹ මහරෝහලේ අධිකරණ වෛද්යවරයා ලෙස කටයුතු කළ වෛද්ය ආනන්ද සමරසේකරගේ උපදෙස් පරිදි යැයි අනාවරණය වී ඇත. එසේ උපදෙස් දුන් ආනන්ද සමරසේකර ශෂී වීරවංසට නැති ලෙඩ මවා පාමින් හොර වෛද්ය සහතිකයක් ද නිකුත් කොට ඇත.
මේ යටතේ අධිකරණය නොමග යැවීම හා යුක්තියට බාධා කිරීම යන කරුණු යටතේ වෛද්ය ආනන්ද සමරසේකරට විරුද්ධව අධිකරණ ක්රියාමාර්ගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
ඇයට කනේ අමාරුවක් ඇතැයි පවසමින් ඒ දිනවල ඇය රෝහල් ගත වී සිටි අතර පසුව බන්ධාගාර රෝහලට යොමු කර තිබිණි.









