අමාත්ය රාජිත සේනාරත්නගේ පුත්රයකු වන එක්සත් සේනාරත්න පාසැල් සිසුවියක් පැහැරගෙන ගිය බවට අදාල සිසුවියගේ දෙමාපියන් විසින් මානවහිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය අනිද්දා (14) විභාගයට ගැනීමට නියමිතව ඇත.
දිනිති ආලෝකා රණසිංහ නමැති ඇයගේ දෙමාපියන් වන ධමනි ඉන්දිරා රොද්රිගු මහත්මිය සහ ගාමිණී රණසිංහ මහතා විසින් අදාල පැමිණිල්ල ගොණු කර ඇත.









