(ඡායාරූප සංස්කරණය) පසුගියදා සමූහ දූෂණයකට ලක්ව අසාධ්ය තත්වයේ සිට ඊයේ (29) දින අලුයම් කාලයේ මියගිය ඉන්දීය වෛද්ය ශිෂ්යාවගේ ආදාහන කටයුතු අද (30) පෙරවරුවේ සිදුකර ඇතැයි වාර්තාවේ.
ඇගේ මෘතදේහය සිංගප්පූරුවේ සිට අද අලුයම ගුවනින් රැගෙනවිත් සිය නිවසෙහි පැය කිහිපයක් තබාගැනීමෙන් අනතුරුව ආදාහනය කර ඇත.
එම ආදාහන කටයුතු ආවරණය කිරීමට මාධ්යයන්ට අවසර දී නොමැති බවද වැඩිදුරටත් වාර්තාවේ.










