විශ්‍රාමවැටුප් ගෙවීමත් හිරවෙයි… NSB බැඳුම්කරයක් අරගෙන…

විශ්‍රාමවැටුප් ගෙවීමත් හිරවෙයි… NSB බැඳුම්කරයක් අරගෙන…

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන විශ්‍රාම වැටුප් ලාභීන්ගේ විශ්‍රාම වැටුප් මුදල් මාස කිහිපයක් එම බැංකුවට රජයෙන් ලබා නොදී තිබෙන අතර මෙම ආරම්භයත් සමග ඉදිරියේදී විශ්‍රාම වැටුප් ලබාදීමට රාජ්‍ය බැංකුවලින් ආණ්ඩුව ණය ගැනීමට සූදානම් වන බව අනාවරණය වේ.

මේ සමග විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මුදල් සපයා ගැනීමට ආණ්ඩුව විසින් රාජ්‍ය බැංකු උපයෝගී කර ගැනීම ආර්ම්භ කෙරී ඇත. ඉදිරියේදී ලංකාව බැංකුව සහ මහජන බැංකුව වෙතද මෙවැනි බැඳුම්කර මහා භාණ්ඩාගාරයෙන් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු මේ වනවිට හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකු කාර්යමණඩලය පරිපාලනයෙන් ප්‍රශ්න කිරීම නිසා මුදල් අමාත්‍යාංශය රුපියල් කෝටි 600ක බැඳුම්කරයක් එම බැංකුව සමග අත්සන් කර ඇත. මාස කිහිපයක් පුරා මහා භාණ්ඩාගාරයෙන් එම බැංකුවට නොලැබුණු මුදල්ද පියවාගත හැකි පරිදි මෙන්ම් ඉදිරි මාස දෙකක් සඳහාද මෙම බැඳුම්කරය වලංගුව ඇති බව හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්