බදු වැඩි කරන්න… දූෂණය අවම කරන්න… IMF ලංකා රජයට කියයි…

බදු වැඩි කරන්න… දූෂණය අවම කරන්න… IMF ලංකා රජයට කියයි…

මේ වනවිට රට මුහුණ දී තිබෙන ඉතා ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය ණය ලබා දීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට ලබා දී ඇති නිර්දේශ මාලාවෙන් විදුලි බිල වැඩි කිරීම, බදු අනුපාත ඉහළ දැමීම ඇතුළු ජනතාවට සෘජුව බලපාන කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවලින් පසු නිර්දේශ මාලාවක් ඇතුළත් වර්තාවක් රජයට ලබා දෙමිනි.

මෙසේ ඉදිරිපත් කර ඇති කොන්දේසි කිහිපයක් පහත දැක් වේ.

ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන ලෙසත් බදු නිදහස් කිරීම් අවම කරන ලෙසත් ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර ඇත.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයිද ඉන් යෝජනා කර ඇත.

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර තිබේ.

ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන කරන්නැයිද යෝජනා කර ඇත.

ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමුවන ලෙසද කමිටුව යෝජනා කර තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමටත්, දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයක් දරන ලෙසත් කමිටුව යෝජනා කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්