විවෘත විශ්වවිද්‍යාල සිසු සටන පියවරක් ඉදිරියට

තම ඉල්ලීම්වලින් යම් ප්‍රමාණයකට කන් දීමට බලධාරීන් කටයුතු කළ නිසා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන ගාස්තු පහළ දමන ලෙසත් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොකරන ලෙසත් ඉල්ලා දින 225ක් තුළ ගෙනගිය සත්‍යග්‍රහය හෙට (31) දිනයේ අවසන් කරන බවත් අධ්‍යාපන පෞද්ගලීකරණ ක්‍රියාවලියට එරෙහිව සිය ක්‍රියාමාර්ග ඉදිරියටත් පවත්වාගෙන යන බවත් සිසූහු පවසති.

ඊයේ (29) පැවති විරෝධතා පාගමනෙන් පසුව බලධාරීන් සමග පැවති සාකච්ඡාවතින් අනතුරුව ප්‍රතිපාදන ගාස්තු පහළ දැමීමට ඔවුන් එකඟතාවය පල කර තිබේ.

ඒ අනුව තම සත්‍යග්‍රහ ක්‍රියාමාර්ග නතර කරන බවත් තවත් පියවරක් ඉදිරියට තබමින් නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන ඉදිරියටම ක්‍රියාත්මක බවත් ඔවූහු වැඩිදුරටත් පවසති.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්