පසුගියදා නාවුල පැවැති රැලියේදී අමාත්ය නන්දිමිත්ර ඒකනායකට මෙන් තමාටද කලුතරදී පිරිසක් හූ කීමට සූදානමින් සිටින හෙයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කලුතර දිස්ත්රික්කයේ ප්රධාන රැලියට තමා එක්නොවන බව හිටපු අමාත්ය මහින්ද සමරසිංහ ඊයේ (29) කොළඹදී පැවැති මාධ්ය හමුවකදී පැවසීය.
මෙම රැළිය සන්ධාන කුරුණෑගල දිස්ත්රික් අපෙක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එසේම මැතිවරණයෙන් පසුව පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් නොවන බවත් ජාතික ආණ්ඩු සංකල්පය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රකාශයක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
එම රැස්වීමේදී මහින්ද සමරසිංහ මහතාට හූ කීම සඳහා පිරිස සංවිධානය කර ඇත්තේ සන්ධානයේම අමාත්යවරුන් දෙදෙනෙකු විසින් යැයිද මේ අතර වාර්තා වේ.









