විරෝධය හමුවේ ‘ඉටුකම’ අරමුදලේ වාර්තා එළියට එයි

විරෝධය හමුවේ ‘ඉටුකම’ අරමුදලේ වාර්තා එළියට එයි

කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේවනවිට පවතින රුපියල්1,360,922,969.24ක ශේෂය ඉදිරි එන්නත්කරණ කටයුතු සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

කොවිඩ් වසංගතය මෙරට තුළ පැතිරීම ආරම්භයත් සමඟ මෙම අරමුදල පිහිටවනු ලැබූ අතර ඊට මෙරට ජීවත්වන ජනතාව මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ද තමන් සතු මුදල් පරිත්‍යාග කරනු ලැබීය. ඊට අමතරව රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ධානපතියන් විසින්ද ඊට දායකත්වය ලබා දෙනු ලැබීය. ඒ අනුව මේ දක්වා එම අරමුදලට බැර වූ මුළු මුදල රු. 1,752,402,793.24කි. මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් 391,479,824.00 ක් බව එම නිවේදනයේ දැක්වේ. එය සමස්ත අරමුදලින් 23% ක් පමණි.

ඉතිරිව ඇති ශේෂය එන්නත්කරණ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදලට සාපේක්ෂව ඉතා‍ කුඩා ප්‍රමාණයකි. එහෙත් අරමුදලේ ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමේ වැදගත්කම අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් පෙන්වා දී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද මෙම අරමුදල සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වූ අතර අරමුදල යාවත්කාලීන නොකරන බවටද චෝදනා එල්ල විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්