ඇමතිවරුන් වන විමල් වීරවංස, වාසුදේව නානයක්කාර සහ උදය ගම්මන්පිල ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික පක්ෂවල නායකයන්ගේ රැස්වීම අතර මැද නැගිට ගියා යැයි පලවන වාර්තා වල කිසිදු සත්යතාවයක් නැතැයි අරලියගහ මන්දිරයේ ආරංචිමාර්ග පවසයි.
අගමැති මහින්ද රාජපක්ෂ විසින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සුලු පක්ෂ 11 ක නායකයන්ගේ රැස්වීමක් ඊයේ (19) දහවල් අරලියගහ මන්දිරයේදි කැඳවා ඇති අතර රැස්විම ආරම්භ වීමට පෙර උදැසන අග්රාමාත්යවරයා හමූවීමට අවස්ථාවක් ලබාගෙන ඇති විමල්, වාසු සහ ගම්මන්පිල දහවල් පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමට තමන්ට සහභාගි වීමට නොහැකි බවත් එමනිසා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
ඇමතිවරුන් තිදෙනගේ මෙම ඉල්ලීමට යහපත් ප්රතිචාරයක් දක්වා නැති අගමැතිවරයා “ඔහෙලම තමයි කතාකරන්න අවස්ථාව දෙන්නෙ නැ කියල තැන තැන කියවන්නේ. දැන් මේ මිටිම කැඳෙව්වම පැනල යනවා” යනුවෙන් පවසා ඇත.
කෙසේ වෙතත් විමල්, වාසු සහ ගම්මන්පිල නොමැතිව නියමිත පරිදි පක්ෂ නායක රැස්වීම සාර්ථකව පැවැත්වූ බව රැස්වීමට සහභාගී වූ පක්ෂ නියෝජිතයෙක් ලංකාටෲත් හා පැවසීය.










