සියලුම කතෝලික පාසල්වලට මෙම 21 වැනි දා නිවාඩු ලබාදීමට කතෝලික සභාව තීන්දු කර තිබේ.
පාස්කු ප්රහාරයෙන් මියගිය සිය ඥාතීන් සිහිකර සැමරුම් අවස්ථා රැසක් සංවධානය කර ඇති බැවින් එම අවස්ථාවට එක් වීම සඳහා කතෝලික සභාව මගින් පාලනය වන සියලු කතෝලික පාසල්වලට එම නිවාඩුව ලබා දෙන බවද මැල්කම් කාදිනල් රජිත් කොළඹ අගරදගරු තුමෝ කියති.










