ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, පොදු පහසුකම් අමාත්ය විමල් වීරවංශ මහතා යටතේ පවතින ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ අමාත්යංශයේ සම්පත් බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය කාල සීමාවේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් භාවිතා කරන බවට පැමිණිල්ලක් මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ අමාත්යංශ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් 2011 වර්ෂයේ පැවති මැතිවරණයේදී ද විමල් වීරවංශ මහතා මෙසේ අමාත්යංශ සම්පත් භාවිතා කරමින් මැතිවරණ ව්යාපාරය කළ බවද සිහිපත් කරන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා ඉක්මනින් මෙම වැඩසටහන නවතන ලෙසද අවධාරණය කරයි.
එම ලිපිය පහත දැක්වේ.











