මැතිවරණ සමයේ වලංගුවන විශේෂ නීති රෙගුලාසි බලාත්මක කිරීමේ අරමුණෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණය පැවැත්වෙන සෑම ප්රදේශයකම ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මැතිවරණ පැමිණිලි නිරීක්ෂණ මධ්යස්තාන පිහිටුවා තිබේ.
එහි බලය හිමි පුද්ගලයා වන්නේ සහකාර තේරීම්භාර නිලධාරී වරයෙක්ය.
ඒ අනුව කැස්බෑව ප්රාදේශීය ලේකම් කාරයාලයේ පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි නිරීක්ෂණ මධ්යස්තානයේ සහකාර තේරීම්භාර නිලධාරී කේ. ජී. දයානන්ද මහතා සහ එහි රාජකාරි සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් එක්ව ප්රාදේශීය ලේකම් කාර්යාලය අසල නවතා තිබූ ත්රීරෝද රතවල අලවා තිබූ ඡන්ද ප්රචාරක ස්ටිකර් ගැලවීමට යාමේදී සන්ධාන අපේක්ෂක හිටපු පළාත් සභා මන්ත්රී ගාමිණි සිල්වා දයානන්ද මහතාට බැන වැදී තිබේ.
දිගින් දිගටම බැනවදිමින් සන්ධාන අපේක්ෂකයා ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළටම පැමිණ ඇති අතර ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළදී සහකාර තේරීම්භාර නිලධාරී කේ. ජී. දයානන්ද මහතාට පහරදීමට උත්සාහ කර තිබේ.
පොලීසිය එය වැලැක්වීමට හෝ ඉදිරිපත්වී නැති බවත් රාජ්ය නිලධාරියෙකුගේ රාජකාරියට බාදාකිරීම මත එම අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවනවා වෙනුවට ඔහුට නිදැල්ලේ යාමට ඉඩ දී බලා සිට ඇති බවත් වාර්තාවේ.
මැතිවරණ කොමසාරිස් තුමනි ඔබගේ නිලධාරියෙකුට මෙසේ බලපෑම් වී ඇත්නම් මැතිවරණයේ ස්වාධීනත්වය ගැන කිනම් කතාවක්ද?
මෙම ප්රවෘත්තිය මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය පිණිසයි.









