විදෙස්ගත ශ්රමිකයන් ඇතුළු මෙරටට පැමිණෙන ශ්රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්යාංශයෙන් අවසර ගැනීමට අවශ්ය නොවන බව විදේශ කටයුතු අමාත්යාංශයේ අධ්යක්ෂක බාලසුබ්රමනියම් කාන්දීපන් පවසයි.
එමෙන්ම විදෙස්ගත ලාංකිකයින්ට අමතරව විදේශීය නාවිකයින් වරායන් හෝ ගුවන් මගින් මෙරටට පැමිණීමේදී විදේශ කටයුතු අමාත්යාංශයෙන් හා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතු බවට පනවා තීබූ තීරණයද අහෝසි කර ඇත.
ඒ අනුව ශ්රී ලාංකික විදේශ ගමන් බලපත්රයක් සහිත පුද්ගලයන්ට මින් ඉදිරියට එම පූර්ව අනුමැතිය අදාළ නොවේ.










