අයිතීන් උදෙසා කාන්තාවෝ විදේශ අමාත්‍යංශ ලේකම් හමුවෙති…

අයිතීන් උදෙසා කාන්තාවෝ විදේශ අමාත්‍යංශ ලේකම් හමුවෙති…

මැදපෙරදිග ඇතුළුව විදේශරටවල, මෙරටට පැමිණීමට නොහැකිව සිරකඳවුරුවල, බන්ධනාගාරවල, රෝහල්වල මෙන්ම වාසස්ථානයක් නොමැතිව මහමඟට ඇඳවැටී සිටින කාන්තාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අස්සන් කරනු ලැබූ පෙස්සමක් සමග එළෙස සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු විදේශ අමාත්‍යංශය වෙත අද (06) දිනයේදී බාරදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී, ආචාරිනී සරෝජා පෝල්රාජ්, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් නාගරික මන්ත්‍රිනී, සමන්මලී ගුණසිංහ, විධායක සභික කුමුදුනී හෙට්ටිආරච්චි යන අය සහභාගී වූහ.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ පටන් මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල ගැටලු ගණනාවකට මැදිවී සිටින බවත් රැකියා බලපත්‍ර කල් ඉකුත්වීම හා රැකියා අහිමිවීම හේතුවෙන් ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් එම රටවල දුෂ්කරතාවලට මුහුණ පා සිටින බවත් ආහාර නවාතැන් හා වෙනත් මූලික පහසුකම් ලබාගැනීමත් දුෂ්කරතාවයක් වී ඇතිතත්වයක් තුළ විවිධ රටවල සිට නැවත ලංකාවට පෙරළා පැමිණීමට විශාල ශ්‍රමියකන් ප්‍රමාණයක් ඉල්ලා සිටින බවත් ඔවූහු අවධාරණය කරති.

නමුත් ආණ්ඩුව දිගින් දිගටම විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පැහැර හැරිය බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය අතර මේ සම්බන්ධව කඹ ඇදිල්ලක් පැවති බවත් ඔවුන් පේනවා දෙයි. මේ තත්වය හමුවේ මෙම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම විදෙස්ගත ශ්‍රමික පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් එම සංවිධායන බධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

එහිදී විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ එම ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහජන පෙත්සම, එතුමාගේ නිර්දේශය පරිදි ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්, චමීර හිරාන් රණවීර මහතාට භාරදීම සිදුවිය. රෝහල්ගතව, රැඳවුම් කඳවුරුවල හා සිරගතව සිටින ශ්‍රමිකයන් හා මුදල් නොමැතිව රැකියා අහිමිව අවතැනන් වී සිටින ශ්‍රමිකයන් මෙරටට මුදල් අයකිරීමෙන් තොරව ගෙන්වා ගැනීමට කඩිනම් විධිමත් ක්‍රියාපටිපාටියක් ඇති කරන ලෙසත් මෙම සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ මෙම විදෙස්ගත ශ්‍රමිකයන්ට ලංකාවේ තම ඥාතීන් හා ගතකිරීමට හැකිවන පරිදි කටයුතු කරදීම රජයේ වගකීම බවත් මෙහිදී අයිතීන් උදෙස් කාන්තාවෝ ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්