යාපනය – කයිට්ස් – පුන්කුඩුතිව් විද්යාලයේ උසස් පෙළ අධ්යාපනය හදාරමින් සිටි ශිවලෝගනාදන් විද්යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ රුධිර සාම්පල පරීක්ෂණ සඳහා ජීන්ටෙක් ආයතනයට යොමු කරන ලෙස කයිස්ට් මහේස්ත්රාත් එස්. ලෙනින් කුමාර් මහතා ඊයේ (01) අධිකරණය නියෝග කර තිබේ.
මහේස්ත්රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය කළ ඉල්ලීමකට අනුවය.
විද්යා දැරියගේ ඝාතනයට සම්බන්ධ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 6දෙනා මේ මස 15වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මෙම දැරිය පුන්කුඩුතිව් හි කැලෑබඳ ප්රදේශයකදී සමූහ දූෂණයට ලක් කර ඝාතනය කර තිබුණේ පසුගිය මැයි මස 13 වැනිදායි.









