තමන් එක්දින ජාත්යන්තර තරඟ බිමෙන් සමුගන්නා බව නවසීලන්ත කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්රීඩකයා සහ හිටපු නායක වූ ඩැනියෙල් විටෝරි අද (31) නිල වශයෙන් ප්රකාශ කරමින් සඳහන් කර ඇත්තේ මෙල්බර්න් හි පැවති එක්දින ලෝක කුසලාන අවසන් තරඟය තමන්ගේ අවසන් ජාත්යන්තර තරඟය බවයි.
විටෝරි වසර 18ක් නවසීලන්තය වෙනුවෙන් ක්රීඩා කරමින් එක්දින තරග 295කට හා ටෙස්ට් තරග 113කට ක්රිඩා කර තිබේ. එක්දින තරගවලදී දවාගෙන ඇති කඩුලු සංඛ්යාව 305ක් වන අතර ටෙස්ට් තරගවලදී කඩුලු 362ක් දවා ගැනීමට සමත් වී තිබේ. එසේම ටෙස්ට් ලකුණු 4000ක් සහ ටෙස්ට් කඩුලු 300 සීමාව පසුකළ ලොව තෙවන ක්රීඩකයා බවටද විටෝරි පත්ව සිටී.
ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී නවසීලන්තය වෙත පැමිණ මාධ්යවේදීන් අමතමින් ඔහු පවසා ඇත්තේ විශිෂ්ඨ ජයග්රහණයක් බලාපොරොත්තු වු නමුත් තමා නවසීලන්ත ක්රීඩකයින් ගැන ආඩම්බර වන බවයි.









