පවිත්‍රා‍ගෙන් – ලේකම්ගෙන් ප්‍රශ්න කරන්න ඉල්ලයි

හිටපු විදුලිබල ඇමතිණී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගෙන් සහ විදුලි බල අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බව වංචා විමර්ශන අංශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දී තිබේ.

2014 වසරේ පැවති ජනාධිපතිවරණය ආසන්නයේදී චක්‍රලේඛයක් මගින් ලංකා විදුලිලිබල මණ්ඩලයේ සේවකයන් කොටසකට පමණක් වැටුප් වැඩි කිරීමෙන් මසකට රුපියල් කෝටි 50ක් රජයට අහිමි වන බව කියමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිනිල්ලක් අනුව මෙම ප්‍රශ්න කිරීම සිදුකිරීමට නියමිත බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්