2004 වසරේ නොවැම්බර් මස 7 වැනි දින ඉරාකයේ ෆලූජා නගරය තුළ සිදුකළ ඇමෙරිකානු හා බ්රිතාන්ය හමුදා ප්රහාරයන්ට යොදා ගනු ලැබූ මාරාන්තික යුරේනියම් ප්රහාරයන්ගේ බලපෑම ඉන් වසර 12 ගතවී තිබියදීත් එම නගරයේ ජනතාවට එල්ල වෙමින් ඇති බව වාර්තා වේ.
යුරේනියම් භාවිතා කරමින් සිදු කළ පහරදීම්වල ප්රතිඵලයක් ලෙස මේ වනවිටත් ෆලූජා නගරයේ විකෘති දරු උපත් බහුලව සිදුවන බවත් නගරයේ වැසියන් විශාල වශයෙන් පිළිකා රෝගයේ ගොදුරු බවට පත්ව ඇති බවත් හෙළිව තිබේ.
ජාත්යන්තර මානුෂීය නීති උල්ලංඝනය කරමින් ඇමෙරිකාව එල්ල කර ඇති මෙම ප්රහාරයන් පිළිබඳ ඇමෙරිකානු අධිකාරිය පිළිගෙන ඇත්තේ එම ප්රහාරයන් සඳහා යොදා ගනු ලැබුවේ සුදු පොස්පරස් බවය. ඇමෙරිකාව එසේ ප්රකාශ කළත් ප්රහාරයන් සඳහා යොදාගත් රසායනික ද්රව්ය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු නොවේ.
විකීරණශීලතා අනතුරු පිළිබඳ යුරෝපා කොමිටි ලේකම් මහාචාර්ය ක්රිස්ටෝපර් බස්බි පවසා ඇත්තේ ඇත්තේ ෆලූජා නගර වැසියන් මුහුණ දී ඇති අවදානම පිළිබඳව කිසිදු ප්රගතියක් මේ වනතුරුත් දක්නට නොමැති අතර විකෘතීන් සහිත දරු උපත් සහ රෝග සහිත දරු උපත් වල අඩුවීමක් දක්නට නොමැති බවය. එම තත්වය මේ වනවිට ජානමය විකෘති වීමක් දක්වා වර්ධනය වීමේ අවධානමක් මතුව ඇති බවය.
මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති විද්යාඥයින් සහ වෛද්යවරුන් පිරිසක් තහවුරු කරගෙන ඇත්තේ ඇමෙරිකාව එල්ල කරනු ලැබූ යුරේනියම් බෝම්බ ප්රහාරයන් හේතුවෙන් මෙලෙස බරපතළ රෝග තත්වයන් මතුව ඇති බවය. නිරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ෆලූජා නගර වැසියන් ආශ්රිතව යුරේනියම් මට්ටම ඉහළ අගයක් ගන්නා බවත් ඒ අනුව කිසිදු සැකයකින් තොරව යුරේනියම් සහිත ප්රහාරයන් හේතුවෙන් මෙම ව්යවසනයට ඔවුන් ගොදුරු වී ඇති බවය.ෙ
තමන්ට එල්ල වන චෝදනාවෙන් බේරීම සඳහා වොෂින්ටන් බලධාරීන් හා ආයුධ නිෂ්පාදනය කරන සමාගම් මේ වනවිට දැඩි උත්සාහයක් ගනිමින් සිටී. එහෙත් ප්රංශයේ හා නැමේබියාවේ යුරේනියම් පතල් කම්කරුවන් මෙන්ම යුරේනියම් ආශ්රිත පර්යේෂකයින් මුහුණ දෙන තත්වයන් තුළ ඉරාකයේ ෆලූජා නගර වැසින්යන් මුහුණ දී ඇති තත්වය හොඳින් තේරුම් ගත හැකිව තිබේ. 









