වනජීවී නිළධාරීන්ට පේෂලගෙන් බලපෑම්

කලක පටන් නීතියේ ආරක්ෂාව ලබමින් හබරන හතරැස් කොටුව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර බොරළු කැපීමේ ජාවාරම වැටලූ නිළධාරීන්ව අත් අඩංගුවට ගත් රථ හා පුද්ගලයින් මුදා හරින්නයි උතුරුමැද පළාත් මහ ඇමති පේෂල ජයරත්නගෙන් බලපෑම් එල්ලවන බව වාර්ථා වේ.

කූට ලේඛන යොදා ගනිමින් නිවාඩු දිනවල පවා කරගෙන ගිය බොරළු කැපීම වටලා පුද්ගලයින් තිදෙනෙකු සමග බැකො යන්ත‍්‍රයක් හා ටිපර් රථ තුනක් අත්අඩංගුවට ගැනීමට හබරන වනජීවි කාර්යාලයේ නිළධාරීන් පසුගිය ඊයේ (29) කටයුතු කළේය.

හබරන හතරැස් කොටුව පොලිස් මුරපොලට ඉතා ආසන්නයෙන් කෙරීගෙන යන මෙම බොරළු කැපීමේ ජාවාරමට අමතරව මෙම ප‍්‍රදේශයේ දැව ජාවාරමද ජයටම කෙරීගෙන ගියත් අදාල බලධාරීන් කිසිවකුත් මේ හා සම්බන්ධව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බව ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශකර සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්