එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන අසේල සහ සම්බන්ධීකරන ලේකම්වරයෙකු වන දම්මික යන දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් අසේල නැමැත්තා තියුණු ආයුධයකින් දම්මික නැමැත්තාට පහර දී ඇතැයි පැවසේ.
ඊයේ (29) මෙම ගැටුම ඇතිවී තිබෙන අතර පහරදීම සඳහා භාවිතා කර ඇත්තේ මාළු කපන පිහියක් බවද පැවසේ.
පහරකෑමට ලක් වූ දම්මික නැමැත්තා මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්රතිකාර ලබන අතර මාවනැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යමින් සිටී.









