ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිවූ ලොව උසම ප්රතිමාව අද(31) ඉන්දියාවේ ගුජරාටි ප්රාන්තයේ නර්මදා නද ගං ඉවුරේදී විවෘත විය.
ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන සර්දාර් පටෙල්ගේ රුව මෙලෙස ප්රතිමාවට නැගී ඇති අතර එය ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ ප්රධානත්වයෙන් විවෘත කෙරිණි.
එහි උස මීටර් 182ක් බව වාර්තා වේ.
ඉන්දීය අගමැති මෝදි, ගුජරාට් ප්රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබූ අතර ඉන් වසර ගණනාවකට පසු වැඩ නිමකළ මෙම ප්රතිමාව සංචාරක ආකර්ශනය දිනාගන්නා අංගයක් වනු ඇතැයි අග්රාමාත්යවරයා උත්සවය අමතා පැවසීය.










