නව ගමනක් සනිටුහන් කිරීමට අනුරාධපුරයේදීත් විද්වතුන් පෙල ගැසෙති

නව ගමනක් සනිටුහන් කිරීමට අනුරාධපුරයේදීත් විද්වතුන් පෙල ගැසෙති

“රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක්” උදෙසා ජනතාව පෙල ගස්වන ජාතික විද්වත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව ඊයේ (30) අනුරාධපු නගරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන අධිකරණ ලේඛකාධිකාරී, මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමි, කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න මහතා, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා එම සමුළුවේ ප්‍රධාන දේශන පැවැත්වූහ.

එ අවස්ථාවට භික්ෂූන් වහන්සේ ඇතුළු පූජ්‍ය පක්ෂය, ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරු, කලා කරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්