ලබන වසර වනවිට ගුරු හිඟය 85,000යි

ලබන වසර වනවිට ගුරු හිඟය 85,000යි

රටේ දැනට පවතින 46,000ක් පමණ වන ගුරු හිඟය 2025 වර්ෂය අවසාන වනවිට 85,000ක් දක්වා වැඩිවිය හැකි බව ගුරු සංගම් අනතුරු අඟවයි.

එළඹෙන 2025 වර්ෂය අවසාන වනවිට ගුරුවරුන් 75,000ක් පමණ විශ්‍රාම යාමට නියමිතව සිටින බවත්, මේ වන විටත් 5000ක් පමණ ගුරුවරුන් රට හැර ගොස් තිබෙන බවට වාර්තා වී ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම පවසයි.

එසේම තවත් පිරිසක් රට හැර යාමට සහ සේවයෙන් ඉවත් වීමට කටයුතු කරමින් සිටින බව ද පැවසූ ඔහු මෙම බරපතළ ගුරු හිඟය නිසා දැනට සේවයෙහි නිරත ගුරුවරුන්ගේ වෘත්තීය පීඩාව දිනෙන් දින වැඩිවෙමින් පවතින බවද සඳහන් කරයි.

මෙම තත්වය මත වයස සම්පූර්ණ වීමට පෙර විශ්‍රාම යාමට සිතන පිරිසද දිනෙන් දින වැඩි වෙමින් ඇති බවත්, මේ නිසා ගුරු සේවයේ අත්‍යවශ්‍ය ස්ථාන මාරුවීම් බොහොමයක් ඇණහිට තිබෙන බවත් ඔහු පැවසීය. රාජ්‍ය සේවය තුළ සියලු බඳවාගැනීම් ආණ්ඩුව විසින් සීමා කර ඇති නිසා මෙම තත්වය තවත් උග්‍ර වනු ඇතැයිද ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම පවසයි.

පද්මිණී මාතරර්ගේ – ලංකාදීප

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්