ලංකාව බංග්ලාදේශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ඉල්ලා ඇති අතර එය ලබා දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමත කර ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි.
එරට මහ බැංකු අධිපති ෆස්ලි කබීර්ගේ ප්රධානත්වයෙන් ඉකුත් 23 වැනිදා රැස් වූ එම බැංකු මණ්ඩලය ප්රතිපත්තිමය වශයෙන් විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වැප් පහසුකමක් ලෙස මෙම ණය මුදල ලබා දීම අනුමත කර ඇති බවත් නීතිමය පරීක්ෂා කිරීම්වලින් පසුව බංග්ලාදේශ රජය අදාළ අවසන් එකඟතාවලට එළැඹෙනු ඇති බවත් එම පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ විදේශ විනිමය මගින් සිදු කරන වියදම් පියවා ගැනීම සඳහා බංග්ලාදේශ මහ බැංකුව ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකම සහනදායී පොලියක් මත ලබාදෙනු බවද එම වාර්තාවේ සදහන් වේ.
ඒ සඳහා එම වටිනාකමට සමාන ශ්රී ලංකා රුපියල් ප්රමාණය බංග්ලාදේශ මහ බැංකුවේ තැන්පත් කළ යුතු ව ඇත.










