ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ලබා ගැනීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පවුල එකත් වී පත් කර ගත් ජනාධිපති රනිල් වික්රමසිංහට එල්ල කළ පීඩනය නිමා කර ගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ එම පීඩනය නිමා කර ගෙන තිබෙන බව හෙළි වන්නේ ඊයේ (18) කැබිනට් මණ්ඩලයේදී මුලින්ම ජනාධිපතිවරණයක් පවත්වන බවට සිදු කළ ප්රකාශයෙනි. බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපති වෙත පීඩනය එල්ල කළ අතර මන්ත්රීවරු 113න් දෙනෙකුගේ අත්සන් ලබාගෙන එන ලෙස දන්වමින් ජනාධිපති රනිල් පෙරලා එම පීඩනය රාජපක්ෂ පවුල වෙත යොමු කරනු ලැබීය.
කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරණය මුලින්ම පවත්වන බව ප්රකාශ කළද රනිල් වික්රමසිංහ මෑත කාලයේ එකිනෙකට පරස්පර විරෝධී ප්රකාශ නිකුත් කිරීම සලකා බැලීමේදී මෙම ප්රකාශයද කෙතරම් යථාර්ථවාදී වන්නේ දැයි ඇතැම් නිරීක්ෂකයන් සැක මතු කරති.










