මුළු රටේම සාප්පු සංකීර්ණ වැසී යාමේ දැඩි අනතුරක්…

මුළු රටේම සාප්පු සංකීර්ණ වැසී යාමේ දැඩි අනතුරක්…

ලබන අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ බදු නිදහස් සාප්පු සංකීර්ණයක් විවෘත කිරීමත් සමග රජයට නියමිත පරිදි බදු ගෙවමින් රට පුරා පවත්වාගෙන යන සාප්පු සංකීර්ණ වැසීයාමේ අනතුරක් ඇතැයි අද (19) පාර්ලිමෙන්තුවේදී හෙළි විය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මෙම අනතුර පිළිබඳව පාර්ලිමේන්තුවට හෙළි කරනු ලැබීය. වරාය නගරයේ කටයුතු මෙහෙයවීම සඳහා ස්වාධීන බලතල සහිත “වරාය නගර කොමිෂන් සභාව” නම් ඒකකයක් පිහිටුවා තිබේ. එහෙත් එම කොමිෂන් සභාවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් මේ දක්වා පත් කර නැති බවද පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ඒ අනුව මෙසේ බදු නිදහස් සාප්පු සංකීර්ණවලට විවෘත කර ඇති අතර විදේශයන් හි සිට පැමිණෙන ඕනෑම අයෙකු සඳහා බදු නිදහස් භාණ්ඩ ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත.

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති ලෙස සිටියදී කොළඹ වරාය නගර පනත සම්බන්ධ කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඡන්ද 149කින් සම්මත කර ගනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස දැනට රට තුළ නිසි පරිදි බදු ගෙවා පවත්වා ගෙන යන ව්‍යාපාරික ආයතන වෙත දැඩි අනතුරක් එල්ල වී තිබේ. විදේශ රැකියාවල සිට පැමිණෙන පිරිස් රටේ වෙනත් ප්‍රදේශවලින් භාණ්ඩ ලබා ගන්නවා වෙනුවට වරාය නගරයේ මෙම බදු නිදහස් සාප්පු සංකීර්ණ වෙත ඇදී යාමෙන් රට පුරා පිහිටි එවැනි ව්‍යාපාර තර්ජනයට ලක් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්