රනිල් සම්බන්ධ බැඳුම්කර කොල්ලයෙන් නාමල්ගේ නිල් බලකායටත් බෙදලා!

රනිල් සම්බන්ධ බැඳුම්කර කොල්ලයෙන් නාමල්ගේ නිල් බලකායටත් බෙදලා!

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරමින් මහ බැංකුව ඔහු යටතේ තබා ගෙන සිදු කළ බැඳුම්කර මංකොල්ලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්න කරමින් එම මූල්‍ය අපරාධය හා නාමල් රාජපක්ෂගේ සම්බන්ධය හෙළිකර තිබේ.

වර්ෂ 2015ට පෙර ආර්ථික සංවර්ධන ඇමතිව සිටි ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ මෙන් ම, රනිල් වික්‍රමසිංහ විසින් මහ බැංකුවට පත් කළ සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහේන්ද්‍රන් සහ නාමල් රාජපක්ෂ විසින් පිහිටුවන ලද නිල් බලකාය හවුල් වී ක්‍රියා කළ අයුරු හෙළි කර තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නිල් බලකායට මුදල් ලබා දී ඇති බවත්, ඒ අනුව මෙම සියලු පාර්ශවයන් මහ බැංකු බැඳුම්කර කොල්ලයේ පාර්ශවකරුවන් ලෙස නියමින් හෝ අනියමින් සම්බන්ධවී සිටීම නිසා බැඳුම්කර කොල්ලයේ චූදිතයන්ට එරෙහිව මේ දක්වා නීතිය ක්‍රියාත්මක කළේ නැත.

එම මංකොල්ලයට වසර 09ක් සම්පූර්ණ වන මේ මොහොතේදී පවා වැදගත් වන කරුණු රැසක් හෙළි කරන ලද අනුර දිසානායකගේ ප්‍රශ්න කිරීම සහ එයට රනිල් වික්‍රමසිංහ ලබා දුන් පිළිතුර 2015 මාර්තු 17 වෙනි දින හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්