රනිල්ගේ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය බැංකු සුද්දය අරඹයි

රනිල්ගේ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය බැංකු සුද්දය අරඹයි

මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් මෙහෙයවමින් එම බැංකුවලින් ලබා ගන්නා මුදල්වලින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.

අප්‍රේල් 01 වෙනි දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට ආවරණ දැන්වීම් පිටුවක් එකතු කර එම ප්‍රචාරක කටයුතුවලට මුල පුරා තිබිණි. මහජනතාවගේ මුදල් එක් රැස් කර තිබෙන ජනාධිපති අරමුදලින් පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දෙන බව පවසමින් ඔහුගේ ප්‍රචාරක එක් කටයුත්තක් දියත් කළ අතර එම ශිෂයත්ව වැඩ සටහන පිළිබඳව ප්‍රචාරය සඳහා රාජ්‍ය බැංකුවලින් විශාල මුදලක් යොදවා තිබේ.

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු තුනෙහි ජනතාව විසින් තැන්පත් කරන ලද මුදල් මේ සඳහා යොදවා ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්