ශ්රී ලංකා පොදුජන පෙරමුණ තුළ රනිල් වික්රමසිංහගේ බලය වර්ධනය කර ගෙන තිබෙන ප්රමාණය හෙළි කරමින් රාජපක්ෂ පවුලට ඍජුවම අභියෝග කරන අදියර දක්වා වර්ධනය වී තිබේ.
මේ සම්බන්ධයෙන් නවතම සාක්ෂිය හෙළි වන්නේ අද (03) ලංකාදීප පුවත්පතේ පළ කර තිබෙන ප්රවෘත්තියකින් ය. මේ බව හෙළි වන්නේ “ජනපතිවරණයට නාමල් ආවොත් මගේ සහාය නෑ” යනුවෙන් ප්රසන්න රණතුංග කර තිබෙන ප්රකාශයයි. ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ හොත් නිහඬ වන බව ය.
මේ වනවිට රනිල් වික්රමසිංහගේ සියලු ප්රචාරක කටයුතුවල මූලිකයා වී සිටින ප්රසන්න රණතුංග දැනටමත් ක්රියාකාරීව සිටින පසුබිමක නිහඬ වනවා යැයි පැවසීම දෙබිඩි බව හෙළි කරවන්නකි. එසේම, රනිල් වික්රමසිංහ ද පොදු ජාතික ලකුණකින් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය යුතු බව මේ වනවිටත් ප්රසන්න රණතුංග ප්රමුක පිරිස ප්රකාශ කර තිබේ.










