රත්නපුර නිල් මැණික පරදන නිල් මැණිකක් ඇලහැරින්

පසුගියදා ප්‍රසිද්ධියට පත් වූ ලොව විශාලතම නිල් මැණිකට වඩා විශාලත්වයෙන් හා වටිනාකමින් වැඩි බවට සැලකෙන තවත් නිල් මැණිකක් ඇලහැර ප්‍රදේශයේ පතලකින් බේරුවල ව්‍යාපාරිකයකු හට හමුවී ඇති බව වාර්තා වේ.

මෙම නිල් මැණික කැරට් 2476.66 කින් මෙන්ම බර ග්‍රෑම් 482 ක් පමණ වන බව පැවසේ. මීට පෙර රත්නපුර ප්‍රදේශයේ පතලකින් හමුවූ බවට වාර්තා වූ නිල් මැණිකෙහි බර ග්‍රෑම් 281 ක් හා කැරට් 1404 කින් සමන්විත බව වාර්තා විය.

ඇලහැර ප්‍රදේශයෙන් හමුවූ නිල්මැණිකෙහි හිමිකරුවා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ද කාලයක සිට මැණික් ව්‍යාපාරයේ නිරතව සිටින අයෙකු බව පැවසෙන අතර එම මැණිකෙහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බව පැවසේ.

මීට පෙර රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ නිල් මැණිකෙහි වටිනාකම ලෙස එහි අයිතිකරු සඳහන් කර ඇත්තේ ඩොලර් මිලියන 300ක් බවය. එහෙත් ඇලහැර නිල් මැණිකෙහි  හිමිකරුවන් ප්‍රකාශකර ඇත්තේ එය මිළකල නොහැකි නිල් මැණිකක් බවයි.blue-jems.jpg - 33.35 Kb

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්