ජකර්තා ප්‍රහාරයේ සැකකරුවන් තුනක් අල්ලා ගනී!

පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සකකරුවන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අයත් කොඩියක්ද සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී ඇති බව පැවසේ. ජකර්තා අගනුවරට ආසන්නයේ පිහිටි ඩිපෝක්හිදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් තිදෙනා ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවට එරට ආරක්ෂක අංශ අනුමාන කරයි.

ජකර්තා අගනුවරට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පැවසෙන අතර ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකුද ඒ අතර සිටින බව පැවසේ. මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙන අතර මේ වනවිට මැදපෙරදිග කලාපය පමණක් නොව අනෙකුත් රටවලටද අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ බලපෑම එල්ල වීමට පටන් ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ අයි.එස්. ත්‍රස්තවාදීන් සමග විදේශිකයින් තිස් දහසකට අධික පිරිසක් එක්ව සිටින බවට වාර්තා වේ.indunisia-bomb.jpg - 46.86 Kb

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්