රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්

රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

එම සයිබර් ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇත.

මේ වනවිට එම වෙබ් අඩවි දෙක යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්