ආණ්ඩුවේ හොරකමක් ලාල්කාන්ත හෙළි කරයි

ආණ්ඩුවේ හොරකමක් ලාල්කාන්ත හෙළි කරයි

දේශීය කර්මාන්ත නඟාසිටුවීමට බදු පැනවූවා යැයි ප්‍රකාශ කළද එසේ බදු පනවා ආණ්ඩුව පැහැදිලිවම සිදු කරන්නේ නීත්‍යානුකූල හොරකමක් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

පවතින ආණ්ඩු එදා සිටම ආර්ථික වශයෙන් හතරගාතෙ ඇද වැටෙන හැමවිටම දේශීය කර්මාන්ත හා ගොවියා නඟාසිටුවීමට බව පවසා මෙසේ බදු පැනවූ බවත් මෙයින් පාලකයන් අපේක්ෂා කරන්නේ මිනිස් පරිභෝජනය අඩු කිරීමට බවත් ලාල්කාන්ත මහතා සඳහන් කළේය. තවද බදු පැනවූ භාණ්ඩ දෙස බැලූ විට ඒ හරහා දේශීය කර්මාන්ත නඟාසිටුවීමේ කිසිදු ඉලක්කයක් නොමැති බවද ඔහු පැවැසීය.

එම නිසා “කුස්සිය හොරු බිඳින” න්‍යාය පසෙක තබා ජනතාවට ඇත්ත පැහැදිලි කර මෙවැනි ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව යන්නේ නම් වැදගත් බවද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත් – මව්බිම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්