රජයේ ආදායම් වැටීම ගැන අලුත්ම තොරතුරු හෙළි වේ

මෙම වසරේ ගෙවී ගිය මුල් මාස හතර තුළ රජයේ අපේක්ෂිත මුළු ආදායම  රුපියල් කෝටි 6,860කින් පහත වැටී තිබෙන බව රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පිළිබඳ වසර මැද වාර්තාවෙන් අනාවරණය වේ.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම වාර්තාව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ. ජනවාරි සිට අප්‍රේරල් මාසය දක්වා වූ මාස හතර වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබූ රජයේ මුළු ආදායම රු පියල් කෝටි පනස්හතර දහස් එකසිය තිහක් (රු. කෝටි 54,130)වූ අතර සත්‍ය වශයෙන් ලැබී ඇත්තේ රුපියල් කෝටි හතලිස්පන් දහස් දෙසියහැත්තෑවක් (රු. කෝටි 45,270) පමණකි.

මේ අතර එම කලාපයට අදාළ ණය පොලී ගෙවීමට පසුගිය 2015 වර්ෂයේ රුපියල් කෝටි 17,013ක් වැය වී තිබී මෙම වසරේ දී එය රුපියල් කෝටි 19,668ක් දක්වා ඉහළ ගොස් තිබී ඇත. මෙම කාලසීමාව සඳහා දේශීය හා විදේශීය ණය වාරික ගෙවීමට රුපියල් කෝටි විසිඑක්දහස් නවසිය තුනක් (රු. කෝටි 21,903) වැය වී තිබී ඇත.

මේ අනුව වසරේ මුල් මාස හතරට අදාළ රජයේ ණය වාරික සහ පොලී ප‍්‍රමාණය රුපියල් කෝටි හතළිස් එක්දහස් පන්සිය හැට නවය (රු. කෝටි 41,569)ක් වී ඇත. මුළු ආදායම වශයෙන් රජය ලබාගෙන තිබෙන ආදායම රුපියල් කෝටි හතළිස් හත්දහස් දෙසියහැට නවයක් (රු. කෝටි 47269) වී තිබී ඇත. 

රජය ලැබූ ආදායමෙන් 88%ක පමණ ණය වාරික සහ පොලී ගෙවීමට යෙදවා ඇත. එම කාල සීමාවේදී රුපියල් කෝටි හතළිස් එක් දහස් හතක (රු. කෝටි 41,007) ණය දේශීය වශයෙන් ලබාගෙන තිබේ. මෙම කාලයේ විදේශීය ණය ලබා නොගත් බව සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්