මහින්ද පිල විසින් පවත්වනු ලබන පාගමන සඳහා ප්රවාහන හා ගුවන් සේවා අමාත්යාංශය යටතේ ඇති කටුනායක ගුවන් තොටුපොලට අයත් රජයේ වාහන දෙකක් ව්යාජ ලෙස රැගෙනගොස් යොදවා තිබියදී අද (30) වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුගියදා පැති ධර්මසිරි සේනානායක ගුණසමරු උත්සවය සඳහා යෙදවීමට අවශ්ය බව පවසා මෙම රථ දෙක රැගෙන ගොස් ඇති අතර පසුව එම රථ දෙක මහින්ද පිලේ පාගමන සඳහා යොදවා තිබී ඇත.
මෙම වාහන දෙකට වෑන් රථයක් හා දොඹකරයක් අයත් වේ.
පාගමන්කරුවන්ද දොඹකරය යොදා ගනිමින් වරකාපොල නගරයේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුවට උපහාර පිදීමටද යොදා ගෙන තිබේ.
ශ්රී ලංකා නිදහස්පක්ෂයේ ගුවන් තොටුපළ වෘත්තීයසමිතියේ සභාපතිවරයා වන වර්ණසිරි මොහන්දිරම් විසින් මෙම රථ දෙක රැගෙනගොස් ඇති අතර මේ වනවිට ඔහුද පොලිස් අත්අඩංගුවේ පසුවේ.
මෙම වාහන දෙක අත්අඩංගුවට ගැනීමට විවිධ බාධා එල්ල වී ඇති අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සෘජුව මැදිහත් වී එම වාහන අත්අඩංගුවට ගැනීමට පොලිසියට නියෝග දී තිබේ.









