මොරටුවේ සිට කොළඹට එන පා ගමණට දස දහස් ගණනින් ජනතාව එක්වෙති

මොරටුවේ සිට කොළඹට එන පා ගමණට දස දහස් ගණනින් ජනතාව එක්වෙති

අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන දින 03ක පාගමනේ තෙවන දිනය වන අද (18) එය උදේ 09ට මොරටුව නගරයෙන් ආරම්භ විය.

මෙම විරෝධතා පාගමනට දසදහස් ගණනින් ජනතාව එක්රොක් වී සිටින අතර විරෝධතා පාගමන එන මග දෙපස එක්රොක් වී සිටින ජතනාව පසුගිය දින දෙකේදී මෙන්ම අද දිනයේද රතිඤ්ඤා දල්වමින්, සිසිල් පැන් සංග්‍රහ සිදු කරමින්, කෙටි ආහාර වර්ග ලබා දෙමින් පාගමනට සහයෝගය දක්වන අයුරුද දක්නට ලැබේ. එමෙන්ම ජනතාව මගදෙපස එක්වී සිට පාගමනට එක්වන අයුරුද දක්නට ලැබේ. ආණ්ඩු විරෝධී විවිධ පුවර ප්‍රදර්ශණය කරමින් මග දෙපස ජනතවා මෙම විරෝධතා පාගමනට සහාය දක්වමින් සිටිති.

එම විරෝධතා පාගමන අද කොළඹ නගර සභා පිටිය දක්වාද පැමිණීමට නියමිතය. කොළඹ නගර සභා පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක්ද සූධානම් කර ඇත.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විවධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විශාල පිරිසක් එක්වී සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්