පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ කැබිනට් අමාත්යවරයෙක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක දෙදෙනාද කැබිනට් අමාත්යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
මෛත්රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පරිසර අමාත්යධුරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාවෙයි.
ඒ සමගින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ තවත් මන්ත්රීවරුන් දෙදෙනෙකුට රාජ්ය අමාත්යධුර ලබාදීමටද සැලසුම් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.










