පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක මෙන්ම හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයෙකුද වන බැසිල් රාජපක්ෂ ලබන මස 06 වනදා වත්මන් ආණ්ඩුවේ මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්යධුරයේ දිවුරුම් දීමට නියමිත බවට කලින් මාධ්ය වාර්තා කර තිබුණද මේ වනවි එම පක්ෂ අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ එහි යම් සංශෝධනයක් සිදු කිරීමට මේ වනවිට තීරණය වී ඇති බවය.
ඒ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති මුදල් කැබිනට් ඇමති ධුරය එලෙසම තබා ගනිමින් බැසිල් රාජපක්ෂ මුදල් රාජ්ය අමාත්යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවය. ඊට අමතරව ඔහු ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්යධුරයේ දිවුරුම් දෙන බවද එම පක්ෂ අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ආර්ථික සංවර්ධන අමාත්යධුරය යටතට කොළඹ වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු දැනට මුදල් අමාත්යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් ඇතුළත්බවද වාර්තා වෙයි.










