මෛත්‍රිපාලේ සිසුවිය සුදු වෑන් රියකින් පැහැරගෙන

මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක මහා විද්‍යාලයේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි ශිෂ්‍යාවක්‌ සුදු වෑන් රියකින් පැමිණි පිරිසක්‌ විසින් ඊයේ (21) සවස පැහැරගෙන ගොස්‌ ඇතැයි වාර්තාවේ.

මැදවච්චිය නගරයේ පදිංචිව සිටි ඇය ඊයේ සවස 2ට පමණ ඇය පාසල නිමවී ත්‍රිරෝද රථයකින් නිවස වෙත පැමිණෙමින් සිටි අවස්‌ථාවේ වෑන් රථයකින් පැමිණි පිරිස නිවස ඉදිරිපිට මාර්ගය හරස්‌ කර ඇය මෙසේ පැහැරගෙන ගොස්‌ තිබේ.

මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්