ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතාන්තය දක්වා සිරගත කිරිමට කයිරෝ විශේෂ අධිකරණය නියම කර තිබේ.
පසුගිය වසරේ ටාහීර් චතුරස්රයේ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමේදී ඔහු ක්රියාකළ ආකාරය පිළිබඳව නැගුණු චෝදනාවලට ඔහු වැරදිකරු යැයි අධිකරණය තීන්දු කළේය. මාස 10ක් පුරා පැවති නඩුවිභාගයක් අවසානයේ 84 වියැති මුබාරක්ට මෙම දඬුවම හිමි වූ අතර 2011 මුල අරාබිකරයේ ඇරඹි ජනතා උද්ඝෝෂණ හේතුවෙන් බලයෙන් පහවීමෙන් පසු අධිකරණයෙන් පළමු වරට දඩුවම් නියම වූ ඒකාධිපති නායකයා ඔහුය.









