මැදමුලනේ යූරියා මිටිය රු. 3500යි

මැදමුලනේ යූරියා මිටිය රු. 3500යි

මෙතෙක් කල් රු.1500ට මිලදීගත් යූරියා මිටියක් මේ වන විට හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ දී විකිණෙන්නේ රුපියල් 3,500ට බව ගොවීහු චෝදනා කරති. එම පොහොරද ප්‍රදේශයේ ගොවියන්ට මිලදීගත නොහැකි බවත් පිටින් පැමිණෙන ගොවියන් ඒ පොහොර මිටි ගණන් රැගෙන යන බවත් ගොවීහු වැඩිදුරටත් පවසති.

රසායනික පොහොර තහනමත් සමග රට පුරා පොහොර හිඟයක් පවතින බව ගොවීන් කොතෙක් මැසිවිලි නැගුවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ආණ්ඩුව ඒ බව පිළිගන්නේ නැත. ආණ්ඩුවේ චෝදනාව වී ඇත්තේ ව්‍යාපාරිකයන් පොහොර සඟවාගෙන සිටින බවයි. කෙසේ නමුත් එවැනි පොහොර තොග සඟවාගෙන සිටින වෙළෙන්දන් සම්බන්ධව ද ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්නා බව පෙනෙන්නට නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්