බියගම සහ අඹතලේ පානීය ජලයට දැවිතෙල් මුසුවීමේ අනතුරක්…

බියගම සහ අඹතලේ පානීය ජලයට දැවිතෙල් මුසුවීමේ අනතුරක්…

කැළණි ගඟේ බියගම සහ අඹතලේ පවිත්‍රාගාර මගින් ලබා දෙන පානීය ජලයට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රන එකතුවීමේ අවදානමක් මතුවී තිබෙන බව රජයේ නිල නිවේදනවලින් අනතුරු අඟවා ඇත.

මෙම අනතුර මතුවී ඇත්තේ, පැවති අධික වැසි තත්වය නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවිතෙල් මිශ්‍රන ටැංකිවලට වැසි ජලය එකතුවී පිටාගැලීමෙ හේතුවෙනි. ඊයේ (04) මෙම තත්වය ඇතිවූ වහාම නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් යොදවා අදාල දැවි තෙල් මුසු ජලය කැළණි ගඟට එක්වීමේ අනතුර වැලැක්වීමට පියවර ගෙන ඇති බව දැක්වේ.

කැළණි ගඟේ ජල මට්ටම බැසයාමත් සමග දැවි තෙල් මිශ්‍රිත ජලය වැඩි වේගයකින් එම ගඟට මුසුවීමේ අනතුර මතුවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්