මාලක එතෙරට – මේජර් යුද්ධාධිකරණයට

හමුදා මේජර්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සියලු සැකකරුවන් ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.

අද (24) පස්වරුවේ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ ඒ පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේ දී රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ රුපියල් දස දහස බැගින් වූ මුදල් ඇප මත සැකකරුවන් මුදා හැර ඇත.

එසේ වුවද අදාළ මේජර්වරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බව මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබේ.

ඊට අදාළ කටයුතු සඳහා අවශ්‍ය නම් නීතිපති උපදෙස් ගන්නා ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කරන ඇත.

මේ අතර මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන අයට විදේශගත වීම සඳහා කළ ඉල්ලීමකට මහේස්ත‍්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

මේ අතර අද පෙරවරු කාලයේ අදාළ නඩුව කැඳවූ මොහොතේ මාලක සිල්වා මහතාගේ රියදුරු හා ආරක්ෂකයන් සිව්දෙනෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ මේජර්වරයා විසින් එක් සැකකරුවෙකු හඳුනාගැණිනි.

කෙසේ වෙතත් මේ වනවිට මේජර්වයා යුද්ධාධිකරණයට කැඳවීමට අදාළ කටයුතු සැලසුම් කෙරෙමින් පවතින බව වාර්තා වේ.

ආශ්‍රිත පුවත්

 

ඇමති පුත් මාලක සිල්වාගෙන් පහරකෑ මේජර් යුද්ධාධිකරණයට

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්