අනුරාධපුර නගරයට විශේෂ එස්.ටී.එෆ් ආරක්ෂාවක් යොදා ඇතැයි වාර්තා වේ. ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වයක් වැලැක්වීමට මෙසේ ආරක්ෂාව සපයා ඇති බවට තොරතුරු වාර්තා වේ. අද (24) දින උතුරුමැද මහ ඇමතිවරයා වශයෙන් එස්.එම්. රංජිත් මහතා දිවුරුම් දුන් අතර මහ ඇමති තනතුර සඳහා බර්ටි දිසානායක හිටපු මහ ඇමතිවරයාද විශාල බලාපොරොත්තුවකින් පසුවිය.
පසුගිය පළාත් සභා මැතිවරණය සමයේ එස්.එම්. රංජිත් මහතාගේ සහ බර්ටි දිසානායක මහතාගේ අධාරකරුවන් අතර ගැටුම් ඇතිවූ අතර මැතිවරණයෙන් පසුව ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මරණයට පත්විය.









