මායාදුන්නේ වෙනුවට ජවිපෙන් බිමල්

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණු සරත් මායාදුන්න මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්තී‍්‍ර ධුරය සඳහා බිමල් රත්නායක මහතා පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි දිනකදී බිමල් රත්නායක මහතා මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවය.

බිමල් රත්නායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභිකයෙකු මෙන්ම දේශපාලන මණ්ඩල සාමාජිකයෙකුද වේ. එමෙන් පක්ෂයේ ජාතික සංවිධායකවරයාද වන ඔහු ජවිපෙ තරුණ අංශය වන සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක වරයාද වන්නේය.

බිමල් රත්නායක මහතා ජවිපෙ නියෝජනය කරමින් ජාත්‍යන්තර වශයෙන් වාමාංශික, ප්‍රගතිශීලී හා ජාතිවාදයට එරෙහි සංවිධාන හා සුමුළු රැසක් නියෝජනය කරන්නෙකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්