පරිසරයට සම්බන්ධ සියලු විෂයන් එකම අමාත්‍යාංශයකට ගන්න

වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම අමාත්‍යාංශ ලෙස පැවතීමෙන් ගැටළු රැසක් ඇතිවන බවත් පරිසරය සම්බන්ධ සියළු විෂයයන් හා රාජ්‍ය ආයතන සියල්ල එකම අමාත්‍යාංශයකට එක්කරන ලෙසත් රජයට බලකරන බව පරිසර සංවිධාන එකමුතුව ඊයේ (03) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ ය.

දින සියයේ පාලන කාලයේදීද මේ වරද ඒ ආකරයෙන් ම පැවති බවත් පාර්ලිමේන්තුව විසුරුවාහරින අවස්ථාව වනවිට පරිසර අමාත්‍යවරයා ජනාධිපතිවරයා වුවද වනජීවී දෙපාර්තමේන්තුව සංචාරක අමාත්‍යාංශය යටතේ තිබූ බවත් පරිසරවේදීන් පවසයි.

පරිසර සංවිධාන එකමුතුවේ සාමාජිකයන් පෙන්වාදෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, මැණික් හා පතල් කාර්යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව එකම අමාත්‍යංශයක් යටතේ තිබිය යුතු බවයි.

ඒවා බෙදා වෙන්කර පාලනය කිරිමෙන් මෙරට පරිසරයේ සුරක්ෂිතතාව තහවුරු කළ නොහැකි බවද ගැටළු රැසක් ඇතිවන බවද ඔවුහු කියති.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්