මහ වැසි මධ්‍යයේ මොරටුව සිසූහු SAITM විරෝධී සටනේ (PHOTO)

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරණ ලෙසත්, රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදු කරන මුදල් කප්පාදුව වහාම නවත්වන ලෙසත් සරසවි බඳවාගැනීම් ඉහළ දමන ලෙසත් ආණ්ඩුවට බල කරන දැවැන්ත විරෝධතා පාගමනක් අද මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. 

මොරටුව විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දසුන් උදාර විජේසේකර, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් දුෂාන් පසිඳු තිවංක, NDT ශිෂ්‍ය සංගමයේ සභාපති හරිඳු තිවංක සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ කවිඳු ප්‍රශාන් යන සිසු නායකයින් එහිදී විරෝධතාවය ඇමතූහ.

මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට කටුබැද්ද නගරයේ ගාලු පාර දක්වා විරෝධතා පාගමන පැවැත්විණි.

Image may contain: 8 people, people standing, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: 15 people, people smiling, crowd and outdoorImage may contain: 27 people, people smiling, crowd and outdoorImage may contain: 19 people, crowd and outdoorImage may contain: 3 people, crowd and outdoorImage may contain: 9 people, people standing, crowd and outdoor

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්