භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් නිදහස දින උළෙල වර්ජනය කරලා

භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් නිදහස දින උළෙල වර්ජනය කරලා

මෙවර නිදහස් දින උළෙලට සහභාගී වීම සඳහා ආරාධනා ලැබ තිබූ ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එම ආරාධනා ප්‍රතික්ෂේප කර ඇති බව ආරක්ෂක අංශ වාර්තාවලින් අනාවරණය වේ.

ඊයේ (04) ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය නිදහස් දින උළෙලට සහභාගී නොවන බව එසේ ආරාධනා ලැබ සිටි භික්ෂූන් වහන්සේලා 30 නමකට ආසන්න පිරිසක් දැනුම් දී තිබේ.

ඊට අමතරව, කතානායක, මුදල් ඇමති ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වී නොසිටියහ.

එම උළෙලට සහභාගී නොවන බව දන්වා ඇති භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා මෙන්ම වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් සිදුකළ අය බව වැඩිදුරටත් අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්